ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍ර සහ අපනයන-අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාළව නිෂ්පාදන කටයුතුවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්‍ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහාය ලබාදීමට එමඟින් බලාපොරොත්තු වන අතර එයින් රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට අපේක්ෂා කෙරේ.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එම ණය යෝජනා ක්‍රමය මඟින් කාරක ප්‍රාග්ධන ණය ලබා ගත හැකි අතර එක් ආයතනයකට ලබාගත හැකි උපරිම ණය මුදල රු. මිලියන 10 ක් වේ.
එම ණය මුදල් උපරිම මාස හයක (06) ක ණය සහන කාලයක් සහිතව උපරිම වසර තුනකින් ගෙවීමට හැකිය.
වර්තමානයේ කාරක ප්‍රාග්ධන ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතිකය 20% – 25% ක් වැනි ඉහළ මට්ටමක පැවතිය ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 11% – 12% ත් අතර අඩු පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට හැකිවීම ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලැබෙන විශාල සහනයකි.
එම ණය පහසුකම ලබාගත හැකි බැංකු 8ක් පහතින් දැක්වේ.
- ලංකා බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- හැටන් නැෂනල් බැංකුව
- කොමර්ෂල් බැංකුව
- සෙලාන් බැංකුව
- ජාතික සංවර්ධන බැංකුව
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
- සම්පත් බැංකුව

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට