වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ හුදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව සමස්ත අධ්‍යාපන පද්ධතියේම පරිවර්තනයක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඊයේ (10) පැවැති ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ (SAPSA) වාර්ෂික සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සිදුකරන ප්‍රකාශ අමාත්‍යවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උන්වහන්සේ අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයක් සම්බන්ධයෙන් ‘කුණුහරප’ අදහස් ප්‍රකාශ කරන බවයි.
ඔහු එහිදී කියා සිටියේ,
“ප්‍රතිසංස්කරණ දිගටම සිද්ධ වුණා. අපේ රට දැන් තියෙන්නේ පරිවර්තනීය යුගයේ. කෘෂිකර්මාන්තය අපි ඇවිල්ලා ඇවිල්ලා දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. අධ්‍යාපනයත් අපි ඇවිල්ලා ඇවිල්ල දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. දේශපාලනය ගත්තමත් අපි ඉන්නේ පරිවර්තනීය තැනක. මං හිතන්නේ අධ්‍යාපනයටත් වඩා මාතෘකාව අගමැතිනිය් ගැන. අගමැතිනිය මෙහෙමයි, එතුමිය අරමයි වගේ ඒවා. වැඩිපුරම කතා කරන්නේ මං හිතන්නේ ආගමික නායකයොද කොහෙදෝ.
ඒගොල්ලෝ ඔක්කොම දන්නවා අගමැතිනිය ගැන. හැසිරීම්, චර්යා රටාවන්, කැමති දේවල්, අකමැති දේවල් හැබැයි අධ්‍යාපනයේ විදිය තත්ත්වය සමාජයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන ප්‍රතිසංස්කරණ නමින් හරි කතා කරන, විරෝධතා දක්වන, අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලයේ ඉන්න ‘වනචාරියා’ තනිකර කතා කරන්නේ කුණුහරප.”
මෙරට විධායක ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ මෙතරම් කතාබහට ලක්වුණු අගමැතිවරයෙක් මින් පෙර බිහිවී නොමැති බවත්, කාන්තාවක් පිළිබඳ කුහකත්වයක් සහ ලිංගික කුහකත්වයක් තිබෙන පිරිස් මෙවැනි දේවල් ප්‍රකාශ කරන බවත් ඔහු චෝදනා කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“අධ්‍යාපන පරිවර්තනයක් ගැන කුණුහරණයක් කියලා අගනැතිතුමියට බනිනවා කුණුහරුපෙන්. විධායක ජනාධිපති කෙනෙක්ගේ පාලනය යටතේ ලංකාවේ මේ තරම් කතාබහට ලක්වෙන අගමැතිවරියක් නෑ. මේ තරම් වැඩවලට සම්බන්ධ වෙන, මේ තරම් සක්‍රීය, මේ තරම් ක්‍රියාත්මක අගමැතිවරියක් නෑ. ‘බලන්නකෝ එයා ඉගෙනගෙන තියෙන්නේ කොහෙද යුරෝපා රටවල්වල නේ ‘ ඔන්න මාතෘකා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මාතෘකා. එහෙම කෙනෙකුට ලංකාවේ මේ වැඩේ හරියන්නේ නෑ.
ඔය ආගමික සංස්ථාවල ඉන්නෙම පිරිමි අයනේ වැඩිපුර. මෙතන කාන්තාවක් පිළිබඳ කුහකත්වයකුත් තියෙනවා. ලිංගික කුහකත්වයකුත් තියෙනවා. ඇරියස් තියෙන කට්ටිය. සාමාන්‍යයෙන් පොරොන්දු වෙලා, ඒ සමහර විෂයන්වලින් අපි අපේ ජීවිතයට ඒවා ගාව ගන්නේ නෑ කියලා පැත්තකට වෙලා ඉන්න කට්ටියක් ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ දිවුරුන් දීලා පොරොන්දු වෙලා ඉන්නේ අපි මේ විෂයන් වල යෙදෙන්නේ නෑ, ඒවා තෘප්තිමත් කරන්නේ නෑ, ඒවත් එක්ක අපේ සම්බන්ධයක් නෑ කියලා. ඒ හාදයොන්ම තමයි මේක කතා කරන්නේ. ඉතින් ගොඩක් අයට ඕනකම තියෙනවා ජනාධිපති අපේ අනුර සහෝදරයාව චුට්ටක් පැත්තකින් තියලා ඊළඟ ඉන්න කවයට පහර දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන ලයින් එක.අපේ රටේ විපක්ෂයක් නෑනේ. එහෙම කරලා එතකොට ඒ ටික ඉවරයි අන්තිමට අතනට යනවා. කවදාක්වත් බෑ. දැන් මම මේ දැක්කා එක කණ්ඩායමක් කියනවා විපක්ෂය කරන එක ලේසි දැන් තේරෙනවා නේද ආණ්ඩු කරන එක හරි අමාරුයි කියලා. ඒගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. ආණ්ඩු කරනවා වඩා අපිට වුණා විපක්ෂ දේශපාලනය කරන එක. අපිව හිරේ දැම්මා අපේ පක්ෂ තහනම් කරා අපිට ගැහුවා, තැලුවා. ඇත්තම කියනවා නම් අපිට මේ ආණ්ඩු කරන එක කජ්ජක් නෑ. ඇති බම්බුවක් නෑ…”

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!