ඉදිරි දේශපාලන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමේ පුළුල් එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් යුතුව පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දහවල් පැවැත්විණි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ‘Colombo Club’ හිදී දිවා භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සාකච්ඡාව පවත්වා ඇත. ඒ සඳහා දෙපාර්ශවයෙන්ම ප්‍රබල දේශපාලන චරිත රැසක් සහභාගී වූහ:
| පක්ෂය | සහභාගී වූ නායකයින් |
| සමගි ජන බලවේගය | සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් ෆොන්සේකා |
| එක්සත් ජාතික පක්ෂය | රුවන් විජේවර්ධන, තලතා අතුකෝරළ, අකිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, සාගල රත්නායක |
පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂ දෙකේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඵලදායී තීරණ කිහිපයකටම මෙහිදී එළැඹ ඇති බවයි. මෙය දෙපාර්ශවය අතර පැවැති දෙවන නිල හමුව වන අතර, මීට පෙර පළමු සාකච්ඡාව පසුගිය දෙසැම්බර් 30 වනදා පවත්වා තිබුණි.
ඊයේ පැවති හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවයි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි