Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම කතාවෙන වැඩ තහනමට හේතූව ඇමති නලින්ද හෙළි කරයි

2 weeks ago

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) අදහස් පළ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔහු සම්බන්ධව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම කමිටුව නියෝජනය කළ බව‍යි.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 19 වැනි දින මෙම විමර්ශන කමිටුව පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම යන චෝදනා මත ඒ මහතාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කමිටුව නිර්දේශ කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළා. එතන විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්නවා. ඔහුත් ඉන්න කමිටුවක තමයි මේ නියෝජ්‍ය මහලේකම්වරයා ගැන විමර්ෂනය කරන්න ඒක පුද්ගල විමර්ශන කමිටුවක් සඳහා තීරණයක් ගත්තේ. ඒ අනුව 2025 අගෝස්තු මාසේ 19 වැනිදා මේ විමර්ෂන කමිටුව පත් කළා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්නවා මේකට තෝරාගන්න පුළුවන් විමර්ශන නිලධාරීන් ඒ අයගෙන් කෙනෙක් තමයි තෝරගෙන ඉන්නේ. 2026 ජනවාරි 23 වැනිදා ඒ මූලික විමර්ශන කමිටුවේ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ කමිටුවට ලැබුණා. 

ඒකපුද්ගල විමර්ශන කමිටුව පත් කිරීමේදී ඒ කමිටුවට භාර දීලා තියෙනවා විෂය පථයක් ඒ විෂය පථයේ පවතින්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුර සඳහා තෝරා ගැනීම, ඔහුගේ සුදුසුකම් සහ ඔහු එම තනතුරේ ස්ථිර කිරීම යන කරුණු පිළිබඳව සොයා බැලීම තමයි විෂය පථය. ඒ විමර්ශන කමිටුවේ නිර්දේශ දෙකක් ඉදිරිපත් කරනවා. 

ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජී.කේ.ඒ.සී.කේ කුලරත්න මහතා වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය කටයුතු සිදු කිරීම, කුලරත්න මහතා පත් කිරීම හා සේවය ස්ථීර කිරීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණය නැමැති වරද යටතට ගැනෙන බැවින් ඒ පිළිබඳව විමර්ෂනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස දන්වමින් මෙම කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරේ. මෙන්න මේ කරුණු දෙක තමයි ඒක පුද්ගල විමර්ශන කමිටුවේ නිර්දේශ මගින් තහවුරු කරලා තියෙන්නේ. ඒ අනුව පළවෙනි නිර්දේශය අනුව වැඩ තහනමකට ලක් කරලා තිබුණා. වැඩ තහනමට ලක් කරලා විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා. ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. මේ විමර්ෂන කමිටුව පත් කිරීමේදී විමර්ශන කමිටුවේ වාර්තා අනුව වැඩ තහනමට ලක් කිරීමේදීත් විපක්ෂයත් නියෝජනය කළා. මේ විමර්ෂන වාර්තාවට එරෙහිව ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පතන්නට පුළුවන්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *