වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ අද (29) පැවති තීරණාත්මක තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
සිම්බාබ්වේහි බුලවායෝහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 262ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 46වන පන්දුවාරයේ දී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙම ජයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් හෙට (30) ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය අතර පැවැත්වේ.
එම තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගයක් නැතිවම අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.
එසේ නොමැතිව ඇෆ්ගනිස්තානය ජයගතහොත් ශුද්ධ ලකුණු වේගය අනුව කණ්ඩායම් දෙකෙන් එකකට එම අවස්ථාව උදාවේ.
මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 58කට දැවීයාම ශ්‍රී ලංකාවේ මෙම අවදානම් තත්ත්වයට බලපෑවේය.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්