Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරටින් දිනකට පියයුරු පිළිකා රෝගීන් 12ක්! පියයුරුවේ ගැටිත්තක් නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න!

2 years ago 1.5 K

පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ පහසුකම් පුළුල්වීම හේතුවෙන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව පියයුරු පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගැනෙනවා.

එමෙන්ම බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක්
දක්වන බව ද පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

සෑම වසරකම ඔක්තෝබර් මාසය සැලකෙන්නේ පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසයි.

කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක් පවතින අතර, මෙම පිළිකා කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *