පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබාදීම මෙරට සංස්කෘතියට
නොගැලපෙන බව මහා සංඝරත්නය පවසනවා.
ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනීම සඳහා ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබුණේ පසුගිය 31 වනදායි.
ඊට ඔවුන් හේතු ලෙස දක්වා තිබුණේ පවතින ආර්ථික පීඩාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීමයි.