Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයින්ට වැඩ වරදින ලකුණු! සේවකයින්ගෙන් සිදුවන සියලුම අඩුපාඩු දැනුම් දෙන්න දුරකථන අංකයක්!

2 years ago 3.6 K

රජයේ නිලධාරීන් විසින් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් ඒ පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය වෙත දැනුම්දිය හැකිබව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට දැනුම්දිය හැකි බවය.

මෙම පැමිණිලි සේවාව හරහා අදාළ පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතියි.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතනවල සිදුවන අල්ලස් හා දූෂණ අක්‍රමිකතාවයන් පිළිබඳව ද 1905 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.

එසේම රාජ්‍ය ආයතන, පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතනයන්ගේ මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලීමක් සිදුකරන්නේ නම් 1954 කෙටි දුරකතන අංකය සෘජුව ඇමතීමෙන් එම පැමිණිලි අල්ලස් කොමිසම වෙතට දැනුම් දීමට හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *