රජයේ නිලධාරීන් විසින් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් ඒ පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය වෙත දැනුම්දිය හැකිබව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට දැනුම්දිය හැකි බවය.
මෙම පැමිණිලි සේවාව හරහා අදාළ පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතියි.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතනවල සිදුවන අල්ලස් හා දූෂණ අක්‍රමිකතාවයන් පිළිබඳව ද 1905 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.
එසේම රාජ්‍ය ආයතන, පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතනයන්ගේ මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලීමක් සිදුකරන්නේ නම් 1954 කෙටි දුරකතන අංකය සෘජුව ඇමතීමෙන් එම පැමිණිලි අල්ලස් කොමිසම වෙතට දැනුම් දීමට හැකිය.

රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්