යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් අද (05) අලුයම පාලමක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණි.
වව්නියාව දෙසට ගමන් කර ඇති බස් රථය නොච්චිමොටේ ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්වී තිබුණි.
බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද සිටී.
රෝහල් ගත කිරීමෙන් පසු බස් රථයේ රියදුරු සහ බස් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණි.
මියගිය තිදෙනා අතර වයස අවුරුදු 23ක යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක් සිටින බවට වාර්තා වී ඇති අතර ඇය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලීසිය පවසයි.
වයස අවුරුදු 33ක වැල්වැටිතුරේ පදිංචි එම බස් රථයේ රියදුරා ද අනතුරෙන් මියගොස් තිබේ.
මියගොස් ඇති අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගැනීමට හැකිවී නොමැති බව පොලීසිය පවසයි.
සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.
මේ අතර අනතුර සිදු වූ අවස්ථාවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ තවත් සුඛෝපභෝගී බස් රථයක් එම ස්ථානයේම අනතුරට ලක්වී තිබුණි.
පොලීසිය පැවසුවේ, ප්‍රථමයෙන් අනතුරට පත්වූ බස් රථය මාර්ගයේ පෙරළී තිබෙනු දුටු එම බස් රථයේ රියදුරු රථය නැවැත්වීමට උත්සාහ ගැනීමේදී මාර්ගය අසල තිබූ ගසක ගැටී නතර වී ඇති බවය.
කෙසේ වෙතත් බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදුවී නැත.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි