Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමට බාධා

6 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ජාත්‍යන්තර තැපැල් සේවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පවසයි. මැදපෙරදිග කලාපය හරහා සිදුවන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වීම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

පසුගිය සිකුරාදා භාරගත් ජාත්‍යන්තර තැපැල් භාණ්ඩ පවා මෙතෙක් විදේශගත කිරීමට නොහැකි වී ඇති අතර, ඇතැම් රටවල් වෙත භාණ්ඩ යැවීම සම්පූර්ණයෙන්ම සීමා වී ඇත.

ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් නරක් වීමට ඉඩ ඇති ද්‍රව්‍ය විදේශගත කිරීමේදී දැඩි අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම තැපැල් සේවා අඩාල වීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව සෙසු රටවලට ද පොදුවේ බලපා ඇති ගැටලුවක් බව තැපැල්පතිවරයා පෙන්වා දුන්නේය.

විදේශ තැපැල් පරිපාලන ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බවත්, ගුවන් සීමාවන් විවෘත වූ වහාම සේවාවන් යථා තත්ත්වයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *