Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!

1 day ago

2019 පාස්කු ඉරුදින ප්‍ර#ර සිද්ධියට අදාළව ගොනුකර තිබූ දීර්ඝ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අද (22) දිනයේ, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනියුක්ත කර ඇති බව වාර්තා වේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අලුත්කඩේ මහාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලබයි.

ත්‍රස්ත ප්‍ර#රය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270 කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, පසුගිය අගෝස්තු 24 වන දින සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *