Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ

3 minutes ago

2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා.

ඒ අනුව (2026.09.24 – 2026.10.03) දක්වා නර්තනය (දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග) සංගීතය (කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ඉංජිනේරු තාක්ෂණවේදය (2026.09.30 – 2026.10.10) දක්වාත් ගෘහ ආර්ථික විද්‍යාව (2026.10.10 – 2026.10.20) දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය (2026.10.17 – 2026.10.21) දින දක්වාද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උක්ත විෂයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භවීමට පෙර ලැබෙන සේ තැපෑල මගින් යැවීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතීම් කළ හැකියි.

ක්ෂණික දුරකථන: 1911, දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208 විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *