කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් අද (08) දිනයේ දී වාර්තා විය.
මැදපෙරදිග යුද උණුසුම හමුවේ පසුගිය සති කිහිපය පුරාවට ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ කඩා වැටුණු අතර ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් හුවමාරුවට ද එම බලපෑමෙන් අත්මිදීමට නොහැකි වූ බව පසක් කරමින් 2026 මාර්තු මාසය තුළ දී පමණක් 11.24%ක පසුබෑමක් වාර්තා කළේය.
කෙසේවෙතත් මේ වන විට මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක යුද විරාමය හේතුවෙන් අද දිනයේ දී ගෝලීය කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම සාර්ථක අයුරින් ප්‍රතිචාර දැක්වීමට සමත් වූ අතර ඒ අනුුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 885.14ක දැවැන්ත වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත්විය. එය පෙර දිනයට සාපේක්ෂව 4.21%ක වර්ධනයකි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,917.60ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය මාර්තු 12 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් මිල දර්ශක අගයෙ වේ.
මේ අතර S&P SL20 දර්ශකය ද දිනය තුළ 4.42%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පපත් කරගැනීමට සමත් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 257.68ක ඉහළ යාමක් වාර්තා කරමිනි. දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 6,090.50ක් ලෙසින් සටහන්ව තිබුණී.
සෙසු දිනවලට සාපේක්ෂව අද දිනයේ දී වාර්තාගත රු. බිලියන 6.61ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් සටහන් වී තිබීම දිනය තුළ දැකගත හැකි වූ තවත් සුවිශේෂී සිදුවීමකි.
දිනය තුළ සමාගම් 15ක පමණක් කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර සමාගම් 227ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා