මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පවසන්නේ එලිමහනේ සිදුකරන ක්‍රිඩා කටයුතු උදැසන 10ට පෙර සිදුකර අවසන් කරන ලෙසය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා,
“ඉදිරියේදී එන අවුරුදු උත්සවලදී තියෙන ගැටලුව තමයි ගමහරහා දිවීම, පාපැදි තරග ඇතුළු ජන ක්‍රීඩා තියෙනවා. එම උත්සව සංවිධාය කරන අයට කියන්න අපි කියන්න කැමතී ඒ සඳහා දවසේ සුදුසු වේලාව තොරාගන්න, එළිමහනේ හිරු එළියට නිරාවරණය වෙමින් කරන ක්‍රියාකාරකම් උදේ 10 වෙද්දි අවසන් කර ගන්න. හවස 3.00න් පස්සේ පටන් ගන්න හවස්වරුව. ඊළඟට අපි කරන්න අවශ්‍ය දේ තමයි. මේ වගේ අවස්ථාවකදී ක්‍රිඩාවන් සඳහා සහභාගීවන අය සජලනය වෙලා, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා ඉන්න ඕනේ. එළිමහනේ වැඩකරන කට්ටිය තේරුම් ගන්න ඕනේ අපි ආන්තික තාප අන්තරායක් අපිට වෙනවා කියලා. ඒක අදුරගන්න පුළුවන් එක දෙයක් තමයි අසාමන්‍ය විදිහට මස්පිඩු පෙරළීම. සාමන්‍යයෙන් අධික මහන්සියක් ඇතිවෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැනුන ගමන් ක්‍රීඩා සහ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වෙලා ආවරණයකට ගිහිල්ලා සිසිල් ජලය පානය කරලා තමන්ගේ ඇගේ උෂ්ණත්වය අඩුකරගන්න ඕනේ. අවුරුදු උත්සව සංවිධානය කරන අය දැන ගන්න අවශ්‍යයි සංවිධානය කරන තැන ආන්තික තාප අන්තරායවලින් ගැලවෙන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. සිසිල් ජලය, අයිස් කැට වැනි දෑ.”

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා