2009 වසරේ සිට මේ දක්වා සිදු වූ සම්පූර්ණ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
”මේ විශ්වාසභංගයෙන් පස්සේ ජනාධිපතිතුමා විසින් අපි පත්කරනවා විශේෂ කොමිෂන් සභාවක්.. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල තිබෙන විශේෂත්වය තමයි ඒකට පත් කරන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු.. විශ්‍රාම ගිය අය නෙමේ..ඒ නිසා අපි ඔබතුමාට කියනවා 2009 ඉඳලා ගල් අඟුරු ගේනවා මං හිතන්නේ 465ක් විතර.. ඒවගෙන් 452ක් ගෙනත් තියෙන්නේ ඕගොල්ලෝ, අපේ කාලේ ගෙනත් තියෙන්නේ දහතුනයි. අපි මේ ඔක්කොම බලමු… ඔක්කොම බලලා වැරදිකරු වුණොත් ඕගොල්ලෝ හිරේ යන්න ලෑස්තිද? ඒ නිසා ජනාධිපති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා. 2009 ඉඳන් සම්පූර්ණ ගල් අඟුරු ක්‍රියාවලිය පරීක්ෂා කරනවා.පරීක්ෂා කරලා ජයකොඩි ඇමතිතුමා වැරදුනොත් එතුමා හිරේට යයි. එහෙම නොවුණොත් ඔබතුමාලා වැරදි වුණොත් ඔබතුමාලා හිරේ යයි. ඒ නිසා අන්න ඒ සඳහා අපි කටයුතු කරමු.”

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා