Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටවල් 25ක් පරදා ශ්‍රී ලාංකීය නාමය ඉහළටම ඔසවා තැබූ නදීෂා

1 day ago

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති 108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් නදීශා ගයන්ති ක්‍රීඩිකාව අද දිවයිනට පැමිණියාය.

ලෝකයේ රටවල් 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය අප්‍රේල් 10 වනදා සිට 12 වනදා දක්වා මෙම තරගාවලිය ලන්ඩන් නුවරදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීශා ගයන්ති වයස අවුරුදු 40ට වැඩි කාන්තා කේවළ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මීට අමතරව ඇය මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ද්විත්ව පදක්කම් ගෞරවයක් අත්කර දුන්නාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *