පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (04) තහවුරු කළා.
කෙසේවෙතත්, සමඟි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කළේ ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊට පෙනී සිටීම AI තාක්ෂණයෙන් කළ එකක් බවයි.
මෙවන් පසුබිමක් තුළ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙලෙස අදහස් දැක්වූවා.
මාධ්‍යවේදියා -” විපක්ෂ නායකතුමා මොකද දන්නේ නැහැ මගදි නැගිටලා ගියේ ?”
පා.ම. මුජිබර් රහුමාන් – “ඒක ඉතින් එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ.”
මාධ්‍යවේදියා – “එතුමා සහභාගී වුණාද ?”
පා.ම. මුජිබර් රහුමාන් – “එතුමා සහභාගී වෙලා තිබුණා.”
මාධ්‍යවේදියා – “ඔබතුමාලගේ පක්ෂයේ යම් යම් කට්ටිය කියනවා..AIවලින් ගියා කියලා ? ඔබතුමා ස්ථීර කරනවාද සහභාගී වුණා කියලා ?.”
පා.ම. මුජිබර් රහුමාන් – “මහලේකම්තුමා කිව්වානේ එතුමා සහභාගී වුණා කියලා.”

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්