Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්න! තත්ත්වය බරපතළයි!

19 minutes ago

2026 වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කොළඹ මහනගර සභා සීමාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙයි.

යම් පුද්ගලයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

වෛද්‍ය උපදෙස් ලබාගන්නා තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් වෛද්‍ය විශේෂඥවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *