මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා ඇත්තේ, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වුණ මතගැටුමක් හේතුවෙන් බව පැවසේ.
ඒ අනුව පොලීසිය සැක කරන්නේ, මෙම වෙඩිතැබීම ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවටය.
දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා පුද්ගලයෙකු දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේ වන තිලිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර තිබුණි.
ඒ කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන KPI යන අන්වර්ථ නාමය භාවිත කරමිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.
ඉන් අනතුරුව ඔහු තවත් හඬපටයක් සමාජ මාධ්‍යවෙත නිකුත්කර තිබුණි.
එවන් පසුබිමක ඊයේ රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා තිබුණි.
වෙඩිතැබීම අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. එම වෙඩිතැබීමෙන් පසුව ද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින් තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.
“ඔය දුන්නේ ගමයි ආගමයි පාවාදීපු ගෝතයන්ට…අපේ දෙවුන්දර ගමේ ඉන්න…ගෝතයින්ට ඔය දුන්නේ රිහසල් එකක්…ආ ! ඊළඟ එක බලමු පස්සේ”

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති