ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගී වීමට ඊයේ (20) රාත්‍රීයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් සහභාගී වන එක්දින තරග තුන, එළැඹෙන 23 ,25 සහ 28 යන දිනවල, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
මීට අමතරව මෙම පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මෙම මස 31,ලබන මස 02 සහ 04 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ද සහභාගීවීමට නියමිත බව සඳහන් වෙයි.
මෙම පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී 10ට ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති