හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ඉරානය සතු අවි ශක්තිය මර්දනය කිරීමේ අරමුණින් යුතුව, අමෙරිකාව අඛණ්ඩව 6 වැනි දිනටත් දකුණු ඉරානයේ නගර රැසකට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශ ඉලක්ක වී ඇති බවට ඉරාන රජය චෝදනා කරයි. ඉරාන නිල වාර්තාවලට අනුව උද්ගතව ඇති තත්ත්වය මෙසේය:
- පාලම් 5ක් විනාශයි: හෝර්මෝස්ගන් කලාපයේ පිහිටි ප්‍රධාන පාලම් 5ක් මෙම ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
- විදුලි බලයට පහරදෙයි: දකුණු ඉරානයේ පිහිටි ප්‍රධාන විදුලි සැපයුම් මධ්‍යස්ථානයක් ද ප්‍රහාරයට ලක්ව ඇති අතර, පවතින අවදානම් තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉරාන රජය ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් ලබන සතියේ සිට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තර්ජනාත්මක ප්‍රකාශයක් ද සිදුකර තිබුණි.
මෙවන් පසුබිමක ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි චෝදනා කර සිටින්නේ සිවිල් යටිතල පහසුකම් වෙත හිතාමතා පහරදීම තුළින් අමෙරිකාව ඉරානය තුළ බරපතළ ලෙස යුද අපරාධ සිදුකරමින් සිටින බවයි. 1949 දී අත්සන් තැබූ ජිනීවා සම්මුතියට අනුව සිවිල් ඉලක්ක වෙත පහරදීම සෘජුවම යුද අපරාධයක් ලෙස සැලකේ.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද අසල්වැසි රටවල පිහිටි අමෙරිකානු ඉලක්ක වෙත පහරදෙමින් සිටින අතර, එවැනි එක් ප්‍රහාරයක් හේතුවෙන් කුවේට් රාජ්‍යයේ පිහිටි ස්ථානයක දරුණු ගින්නක් ද හටගෙන තිබේ.
මේ අතර, යේමනයට ඔබ්බෙන් වූ ඒඩන් බොක්කේ යාත්‍රා කරමින් පැවති රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් සන්නද්ධ කල්ලියක් විසින් බලහත්කාරයෙන් සිය භාරයට ගෙන තිබේ. සෝමාලියාව බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව පැහැරගෙන ඇත්තේ, යේමනයේ හූති කැරලිකරුවන් යොදවා රතු මුහුදේ නාවික ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරානය සැලසුම් කරමින් සිටින බවට බුද්ධි වාර්තා පළවන පසුබිමක වීම විශේෂත්වයකි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති