වත්තල, කදිරාන ප්‍රදේශයේදී උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ඉකුත් ජූලි 23 වැනිදා රාත්‍රියේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගි වී සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණා.
එම සිද්ධියට අදාළව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහාය ඇතිව සිදු කරන ලද විමර්ශනයකින් පසුව ඊයේ (7) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර වෙඩික්කරුට අමතරව කාර් රථය පැදවූ රියැදුරු හා අපරාධකරුවන්ට සැඟව සිටීමට ආධර අනුබල දුන් පුද්ගලයෙකු ද වන බව හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 26, 35 හා 36 වයස්වල පසුවන ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශවලදී අනාවරණය වී තිබුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මටටක්කුලියේ කුඩු රොශාන් නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබු නමුත් ඉලක්කය වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂය පත්ව ඇති බව පොලීසිය මීට පෙර කරුණු වාර්තා කර තිබුණා.
මෙම ඝාතන සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුද පසුගිය දා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

බන්ධනාගාරගත රැඳවියෙකුට බත් එකේ දමා මත්ද්‍රව්‍ය රැගෙන ගිය දෙදෙනෙක් මාට්ටු
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි වික්ක වෙළෙඳසැල් 03කට දඩ
ක්‍රිකට් මැච් එකක් නිසා කෙහෙවලු පටලාගත් විදුහල්පතිනියන්
පොහොට්ටුවේ පිරිසක් සර්වජන බලය සමඟින් එක්වෙයි
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
කුසල් මෙන්ඩිස්ට ලැබුණු තනතුර
ශිෂ්‍යත්ව විභාගය අදයි
රත්මලානේ නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට 4ක් අත්අඩංගුවට