දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය.
එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති