ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියේ, ක්‍රීඩාංගණයේ ‘C’ Upper and Lower, ‘D’ Upper and Lower යන කොටස් ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි.
ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අවසන් මහා තරගය සුදුසුකම් ලබා සිටින අතර, තරගය රාත්‍රී 7.30ට ආරම්භ වේ.
ඒ අනුව ක්‍රීඩාංගනයේ සියලුම දොරටු ප්‍රේක්ෂකයින් සඳහා සවස 5.30 සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
තරගය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩාලෝලීන් උදෙසා විනෝදාස්වාද අංග මාලාවක් මෙන්ම ආකර්ෂණීය සමාප්ති උත්සවයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්