අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.
ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට, පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය පසුගියදා නියෝග කර තිබූ අතර, එම නියෝගය ඉකුත් මැයි 13වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණි.
එම නියෝගයට අනුව අගෝස්තු මස 25 සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදීමට නිර්දේශ කර තිබූ අතර, වැඩතහනමට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ශානි අබේසේකර මහතාට ගෙවීය යුතු බවත් එහි සඳහන් විය.
2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැණුනු අතර, මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවිය. පසුව අභියාචනාධිකරය විසින් ඔහු ඇප මත මුදා හරින ලදී.
කෙසේ වෙතත් 2024 වසරේදී 3/2018 චක්‍ර ලේකයේ ප්‍රතිපාදන අනුව යළි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබීය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්