වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා තිබේ.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව වසරේ එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4කි.
එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළ වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 4,435.2කි.
ඒ අනුව එම වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 947.2කින් වර්ධනය වී තිබේ.
මේ අතර ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් ලෙසද සටහන් වී ඇත.
එය පසුගිය ජුනි මාසයේ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේදී සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර ජුනි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 697.3ක් ලෙසද සටහන් වී තිබුණි.
ඒ අනුව ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.3ක වර්ධනයක් පෙන්නුම් කරමින් ජූලි මාසය තුළ ඩොලර් මිලියන 777.6ක් වාර්තා වී තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්