කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම උපරිම ධාරිතාව දක්වා ළඟාවීම හේතුවෙන් අද දින (09) පස්වරු 7.00ට එහි එක් වාන් දොරටුවක් සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ කොත්මලේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේ, අදාළ වාන් දොරටුව විවෘත කිරීමත් සමඟ තත්පරයට ඝන මීටර 20ක පමණ සීඝ්‍රතාවයකින් ජලය කොත්මලා ඔයට නිදහස් කරන බවයි.
ජලය නිදහස් කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉතා සුළු වශයෙන් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන්.
ජලාශයට පහළ ධාරාවේ සහ ගංගා දෙපස වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්