මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කරමින්, එය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ, කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදය මගින්ද මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කර ඇති බවයි.
මරණීය දණ්ඩනය මගින් මනුෂ්‍ය ජීවිතයේ ගරුත්වයට හානි වන බැවින්, එවැනි දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ඉගැන්වීම් අනුව එකඟ විය නොහැකි බව උන්වහන්සේ අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවත්, අධිකරණයේ තීන්දු හෝ ක්‍රියාදාමයන්ට මැදිහත්වීමට කිසිදු අදහසක් නොමැති බවත් කොළඹ අගරදගුරු පදවිය සදහන් කළා.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව හෙළිදරව් කර, වින්දිතයින්ට නීතියට අනුව යුක්තිය ඉටු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම තම දැඩි අපේක්ෂාව බවද අගරදගුරු පදවිය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


යොවුන් වියේ තරුණ තරුණියන් බරපතල අවදානමක! වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි – ජනපති නීතිඥ සංගම් හමුවේදී පවසයි
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට
බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද කාලගුණය
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්