ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ප්‍රබල ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට මෙපිටින් ඉන්දීය කඳවුරෙන් ඉතාමත් අනපේක්ෂිත ආරංචියක් වාර්තා වෙනවා. ඉන්දීය කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරු සායි සුදර්ශන්ට මෙම සමස්ත ටෙස්ට් තරගාවලියම අහිමි වී යාමේ දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔහුගේ පාදයේ ඇඟිල්ලක ඇති වූ හදිසි ආබාධ තත්ත්වයක් මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙනවා. මෙම හදිසි තත්ත්වයත් සමඟ තරගාවලියට මුහුණ දීමට සිටි ඉන්දීය පිතිකරණ බලඇණියට විශාල පහරක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට දින කිහිපයකට පෙර ද ඉන්දීය වේගපන්දු යවන ප්‍රමුඛතම ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා දණහිසේ ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.
ඒ අනුව බුම්රා වෙනුවට අකීබ් නබි සංචිතයට කැඳවීමට ඉන්දීය තේරීම් කමිටුව කඩිනමින් කටයුතු කළා. කෙසේ වෙතත් සායි සුදර්ශන් ලබා දුන් සුවිශේෂී දායකත්වය හමුවේ ඔහු ඉවත් වීමත් සමඟ ඇති වූ අඩුව පුරවා ගැනීමට තවමත් කිසිදු ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට ඉන්දීය පාලක මණ්ඩලය පියවර ගෙන නැහැ. මෙය තරගාවලිය ආරම්භයට පෙර ඉන්දීය කඳවුර තුළ විශාල කතාබහක් මෙන්ම යම් පීඩනයක් ද නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්