විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්රට් සැටර්ත්වයිට් මහත්මිය ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් සිය කනස්සල්ල පළ කර තිබේ.
මෙම ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද අඩපණ විය හැකි බවට ඇය එම ලිපියෙන් අනතුරු අඟවයි.
දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම තුළින් විධායකයට සහ ව්යවස්ථාදායකයට අධිකරණය වෙත අනිසි බලපෑම් කිරීමට ඉඩකඩ සැලසෙන බව පෙන්වා දෙන විශේෂ නියෝජිතවරිය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ආරක්ෂණ ක්රමවේද සහිතව, විනිවිද පෙනෙන සහ සියලු පාර්ශ්ව ඇතුළත් උපදේශාත්මක යුක්ති ප්රතිසංස්කරණ ක්රියාවලියක් හරහා පමණක් විශ්රාම යාමේ වයසේ යම් වෙනසක් සිදු කරන ලෙස ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නී ය.
එමෙන්ම මෙම යෝජිත සංශෝධනය, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තියට මෙන්ම අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට ද පටහැණි වීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂ නියෝජිත මාග්රට් සැටර්ත්වයිට් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට