විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් සිය කනස්සල්ල පළ කර තිබේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද අඩපණ විය හැකි බවට ඇය එම ලිපියෙන් අනතුරු අඟවයි.
දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම තුළින් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට අධිකරණය වෙත අනිසි බලපෑම් කිරීමට ඉඩකඩ සැලසෙන බව පෙන්වා දෙන විශේෂ නියෝජිතවරිය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව, විනිවිද පෙනෙන සහ සියලු පාර්ශ්ව ඇතුළත් උපදේශාත්මක යුක්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා පමණක් විශ්‍රාම යාමේ වයසේ යම් වෙනසක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නී ය.
එමෙන්ම මෙම යෝජිත සංශෝධනය, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තියට මෙන්ම අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට ද පටහැණි වීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්