නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක් පවතින බව ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසයි.
ඔහු පවසන්නේ, තරුණ ප්‍රජාව කෘත්‍රිම ආහාර සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා මෙම අදහස් පල කළේය.
“අපේ බඩවැල් මොළය අතර තියෙනවා සංකීර්ණ සම්බන්ධතාවයක්. ඒකට අපි කියනවා gut-brain axis කියලා. ඒ කියන්නේ අපි ගොඩක් ආතතියක ඉන්නවා නම්, අපිට Stress එක වැඩි නම්, එහෙම නැත්නම් කාංසාව මේ වගේ දේවල් තියෙන කොට ඉබේම අපේ බඩවැල්වලට දැනෙනවා. මෙන්න මේ සංකීර්ණ ක්‍රියාදාමය, අපි ගන්න කෑම ප්‍රශ්න මේ දේවල්වල එකතුවක් නිසා IBS (Irritable Bowel Syndrome) තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය දැන් එන්න එන්න සුලබයි. අපේ ජීවන රටාවල් දැන් වෙනස් වෙලා තියෙනවා. අපේ ආහාර පුරුදු දැන් වෙනස් වෙලා තියෙනවා. එළවළු, පලතුරු, කොළ වර්ග සහ ධාන්‍ය වර්ගවලින් මම දකිනවා ගොඩක් තරුණ අය ස්වභාවික ආහාර රටාවෙන් ටිකක් යන්න බලනවා කෘතිම ආහාරවලට. ලේසි නිසා. ඒ නිසා ඒ අයට දැන් වැඩි වශයෙන් Irritable Bowel Syndrome දැකගන්න පුළුවන්.”

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට