මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව සඳහන්ය.
වෙඩි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්