දුම්රිය සේවයේ පවතින පරිපාලනමය, සේවාමය හා විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසකට බලධාරීන් මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව පවසමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත්, සහෝදර දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔවුන් එමඟින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
දුම්රිය ස්ථානවල පැමිණීම හා පිටවීම පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියක එක් කොටසක් පමණක් බව පෙන්වා දෙන සංගමය, වසර ගණනාවක් තිස්සේ නිසි විගණනයකට ලක් නොවූ දුම්රිය ස්ථාන පවතින බව පවසයි.
එසේම, විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා පත්වීම් වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම නිසා විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු ගොඩගැසී ඇති බව එම සංගමය චෝදනා කරයි.
දුම්රිය ස්ථානාධිපති සේවයට සෘජුව බලපාන සේවා ව්‍යවස්ථාව සහ බඳවාගැනීමේ පටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන තවදුරටත් ප්‍රමාදවීම බරපතළ ගැටලුවක් බවත්, සේවා වාර කප්පාදුව වැනි ක්‍රියාමාර්ගවලදී දුම්රිය ස්ථානාධිපති සේවය පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම පිළිගත නොහැකි බවත් ඔවුන් අවධාරණය කරයි.
දිනෙන් දින අඩාල වන දුම්රිය ධාවනය, යටිතල පහසුකම්වල පවතින ගැටලු, භාවිතයට ගත නොහැකි දුම්රිය සම්පත්, සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම සහ දෙපාර්තමේන්තුව සතු ඉංජිනේරු හා තාක්ෂණික සම්පත් නිසි ලෙස යොදා නොගැනීම පිළිබඳවද සංගමයේ දැඩි අවධානය යොමුවී තිබේ.
මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැඩි කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරයි.
මහජනතාවට විශ්වාසනීය හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන හා සේවාමය තීරණ කඩිනමින් ලබාගැනීම තම එකම අරමුණ වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට