දුම්රිය සේවයේ පවතින පරිපාලනමය, සේවාමය හා විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසකට බලධාරීන් මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව පවසමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත්, සහෝදර දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔවුන් එමඟින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
දුම්රිය ස්ථානවල පැමිණීම හා පිටවීම පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියක එක් කොටසක් පමණක් බව පෙන්වා දෙන සංගමය, වසර ගණනාවක් තිස්සේ නිසි විගණනයකට ලක් නොවූ දුම්රිය ස්ථාන පවතින බව පවසයි.
එසේම, විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා පත්වීම් වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම නිසා විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු ගොඩගැසී ඇති බව එම සංගමය චෝදනා කරයි.
දුම්රිය ස්ථානාධිපති සේවයට සෘජුව බලපාන සේවා ව්‍යවස්ථාව සහ බඳවාගැනීමේ පටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන තවදුරටත් ප්‍රමාදවීම බරපතළ ගැටලුවක් බවත්, සේවා වාර කප්පාදුව වැනි ක්‍රියාමාර්ගවලදී දුම්රිය ස්ථානාධිපති සේවය පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම පිළිගත නොහැකි බවත් ඔවුන් අවධාරණය කරයි.
දිනෙන් දින අඩාල වන දුම්රිය ධාවනය, යටිතල පහසුකම්වල පවතින ගැටලු, භාවිතයට ගත නොහැකි දුම්රිය සම්පත්, සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම සහ දෙපාර්තමේන්තුව සතු ඉංජිනේරු හා තාක්ෂණික සම්පත් නිසි ලෙස යොදා නොගැනීම පිළිබඳවද සංගමයේ දැඩි අවධානය යොමුවී තිබේ.
මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැඩි කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරයි.
මහජනතාවට විශ්වාසනීය හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන හා සේවාමය තීරණ කඩිනමින් ලබාගැනීම තම එකම අරමුණ වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රියදුරන්ට දැනුම්දීමක්
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93ක් ගෙන්වාගන්න රතු නිවේදන
එක්කෙනෙක්ට මාසයක් කන්න අඩුම තරමින් රු.17,592ක් ඕනෑ බව රජය කියයි
අධ්‍යාපන ක්රමයේ වෙනසකට සැරසෙන අගමැතිනිය
රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි! ස්ටාර්ක් ඉතිහාසය අලුත් කරයි!
“එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා” – අලුත් වූ නවතම අනාවැකිය
යොවුන් වියේ තරුණ තරුණියන් බරපතල අවදානමක! වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි – ජනපති නීතිඥ සංගම් හමුවේදී පවසයි
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට
බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද කාලගුණය