මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කර තිබේ.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ චමරි අතපත්තු.
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා 20-20 තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් තරග වදින අතර ඊට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ඊයේ නම් කළේය.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, පාකිස්තානයට එරෙහිව මෑතකදී පැවැති විස්සයි20 තරගාවලිය සඳහා නම් කර තිබූ සංචිතයේ සිටි නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ රශ්මිකා සෙව්වන්දි මෙවර සංචිතයට ඇතුළත්ව නොමැත.
ඒ වෙනුවට දෙව්මි විහංගා, මිතලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන් තිදෙනා මෙවර ආසියානු කුසලාන සංචිතයට අලුතින් එක්ව සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ වත්මන් ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙසින්ය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී බී කාණ්ඩයෙන් තරග වදින අතර ඊට බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සහ ඉන්දුනීසියාව ඇතුළත්ය.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය අගෝස්තු 29 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන අතර දෙවන තරගය සැප්තැම්බර් මස 2 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගිවන තුන්වැනි සහ අවසන් තරගය සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වෙන්නේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිවයි.
ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා)
ඉමේෂා දුලානි
සංජනා කාවින්දි
විශ්මි ගුණරත්න
හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා)
කවීෂා දිල්හාරි
නිලක්ෂිකා සිල්වා
හසිනි පෙරේරා
සුගන්ධිකා කුමාරි
මිතලි අයෝද්‍යා
චමුදි ප්‍රබෝධා
චේතනා විමුක්ති
දෙව්මි විහංගා
කෞෂානි නුත්‍යාංගනා
කාව්‍යා කාවින්දි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන
ශ්‍රී ලංකාව – එක්සත් අරාබි එමීර් රාජ්‍ය – අගෝස්තු 29
ශ්‍රී ලංකාව – ඉන්දුනීසියාව – සැප්තැම්බර් 02
ශ්‍රී ලංකාව – බංග්ලාදේශය – සැප්තැම්බර් 06
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය
A කාණ්ඩය
හොංකොං
ඉන්දියාව
පාකිස්තානය
තායිලන්තය
B කාණ්ඩය
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ඉන්දුනීසියාව

අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මිද්දෙනියේ ආරක්ෂාව තර කරයි! මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්‍රතික්ෂේප කරයි!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට
කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
මම ආපහු ඡන්දේ ඉල්ලන්න කැමති නෑ – ලාල් කාන්ත
විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!
ලක්ෂ 08ක පාසල් පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට