අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනාකමින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පෙළ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරු විසින් එම පොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000ක මුදලක් ලබාගෙන ඇති බව තලංගම පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ පෙළපොත් 19,892ක් ප්‍රවාහනය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ගිවිසුම් ගතව තිබූ බියගම ප්‍රදේශයේ ආයතනයක් වෙත ලබාදී තිබු අතර පසුගිය මැයි මාසයේ එම ආයතනයට අයත් ලොරි රථයක රියදුරු විසින් එම පොත් තොගය භාරගෙන තිබුණි.
කෙසේවෙතත් පොත් තොගය නිසි පරිදි භාරදී නොමැති බවට තොරතුරු ලැබීමත් සමඟ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් පසුගියදා තලංගම පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබු අතර සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් එම පොත් තොගය කඩදාසි බරට බෝතල් පත්තරකරුවෙකුට විකුණා ඇති බවය.
ඒ අනුව එම පොත් තොගය මිලදී ගත් පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බෝතල් පත්තකරු විසින් එම පොත් පෑලියගොඩ ප්‍රදේශයේ පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට අලෙවි කර ඇති බවට ද අනාවරණය වී ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව තලංගම පොලිසිය සඳහන් කළේය.

විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!
ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි
අවුරුදු 4ක දැරියක් මහ මග දමා ගිය මව සහ සැකකරු අත්අඩංගුවට
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?