Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!

11 minutes ago

පොදු මගී බස් රථ සඳහා වෙන් කර ඇති නැවතුම් ස්ථාන අවහිර වන පරිදි වෙනත් වාහන නතර කර තැබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

මෙලෙස වෙනත් වාහන නතර කර තැබීම නිසා බස් රථ මාර්ගය මැද නතර කිරීමට සිදුවන අතර, එමඟින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ආරක්ෂාවටද බරපතළ අවදානමක් එල්ල වන බව පොලීසිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම රෝද පුටු භාවිත කරන ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් බස් රථවලට ගොඩවීමට සහ බැසීමට හැකිවන පරිදි බස් නැවතුම් ස්ථාන අවහිරතාවයකින් තොරව පවත්වාගෙන යාම අනිවාර්ය කර ඇත.

:

බස් නැවතුමකට ළඟාවන දිශාවෙන් මීටර් 30ක් සහ එම ස්ථානයෙන් පිටවන දිශාවෙන් මීටර් 15ක් ඇතුළත වෙනත් කිසිදු වාහනයක් නතර කිරීම තහනම් වේ.

ළඟාවන දිශාවෙන් මීටර් 15ක් සහ පිටවන දිශාවෙන් මීටර් 10ක් ඇතුළත වාහන නතර කිරීම තහනම් කර ඇත.

අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයන්ට අනුව ක්‍රියා කරමින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ශ්‍රී ලංකා පොලීසිය මඟින් උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *