Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!

2 minutes ago

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මඟලෙගොඩ – නයිවල මාර්ගයේ ඊයේ පස්වරු 5.00ට පමණ වෑන් රථයක් මාර්ගය අසල විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් එම රියදුරුගේ මිත්තණිය මිය ගොස් ඇති බව වේයන්ගොඩ ‍පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි නවෝද් චතුරංග නමැති 21 හැවිරිදි තරුණයකු සහ ඇගේ මිත්තණිය වූ w.A. වික්‍රමාරච්චි නැවති 80 හැවිරිදි කාන්තාවක්.

වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය අවසන් වී වේයන්ගොඩ හීන්දනීය ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා ආපසු ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මනමාලියගේ මල්ලි වෑන් රථය රියදුරු ලෙස කටයුතු කර ඇති අතර මනමාලියගේ මිත්තණිය, මව සහ පියා ඇතුළු 9 දෙනකු වෑන් රථයේ ගමන් කරමින් සිට ඇති බව සඳහන්.

අනතුරින් පසු වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මිය ගොස් ඇති බවත් සෙසු 7 දෙනා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වේයන්ගොඩ පොලිසිය පවසනවා.

රියදුරට නින්ද යාම අනතුරට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *