වෙඩි ප්‍රහාරයකට ලක්ව ජිවිතක්‍ෂයට පත් වු සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.
ඒ, මිද්දෙනිය, උල්හිටියාව පවුලේ සුසාන භූමියේදීයි.
ඒ අනුව එම ප්‍රදේශයේ විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනවා.
කෙසේවෙතත් සිය මවට අවසන් ගෞරව දැක්වීම සදහා බැකෝ සමන් නොපැමිණි බවයි පොලීසිය පැවසුවේ.
පසුගියදා සිය නිවස ඉදිරිපිට රැදි සිටියදී එම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්‍ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවටයි අනාවරණ වූණේ.
ඔවුන් පැමිණි යතුරු පැදිය, රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී ඌරුබොක්ක පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

බස් රියදුරුට පහරදීමට තැත්කළ සිද්ධියේ කාන්තාව ඇතුළු තිදෙනා රිමාන්ඩ්
පළමු දිනය අවසානයේ ඉන්දීය පිල ප්‍රබල ස්ථානයක්
අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ හෙට විශේෂ රථ වාහන සැලසුමක්
නීතීඥ සංගමයේ ලිපියට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පිළිතුරු
සෙනසුරාදා දින රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි
අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට