Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්

8 hours ago

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 8,000කට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාන 14ක මාර්ග බාධක ක්‍රියාත්මක වන අතර, පැමිණෙන ජනතාවගේ වාහන ගාලනය සඳහා විශේෂ රථගාල් 13ක් ද ස්ථාපිත කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ විශේෂ නිවේදනයකට අනුව, පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙකු යෙදවීමට නියමිතය.

පෙරහර භූමිය සහ නගරයේ ආරක්ෂක නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *