කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉඩම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව අගෝස්තු මස 27 වන දා නිකුත් කර ඇති වාර්තාවට අනුව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.
තව ද 2024 වසරේ පළමු භාගයේදී 4.7%ක් වූ අර්ධ වාර්ෂික වර්ධනය 2025 වසරේ පළමු භාගයේදී 8.3%ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.
ඉඩම් තක්සේරු දර්ශකය ඉහළ ගොස් ඇත්තේ කෙසේ ද?
මහ බැංකුවේ වාර්තාවට අනුව 2025 වසරේ පළමු භාගයේදී නේවාසික ඉඩම් තක්සේරුව 14.4%කින් ඉහළ ගොස් ඇති අතර වාණිජ ඉඩම් තක්සේරුව 11.5%කින් සහ කාර්මික ඉඩම් තක්සේරු දර්ශකය 8.4%කින් වර්ධනය වී ඇත.
අර්ධ වර්ෂික පදනමින් ද 2024 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයන්ට වඩා 2025 වසරේ පළමු භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනුදර්ශක ඉහළ වේගයකින් වර්ධනයක් පෙන්වන අතර එහි ඉහළ ම වර්ධනය පිළිවෙළින් නේවාසික අනුදර්ශකය හා වාණිජ අනුදර්ශකය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම වාර්තාවේ වාර්ෂික වර්ධන දත්තවලට අනුව 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක් වූ නේවාසික ඉඩම් තක්සේරු අනුදර්ශකය 2025 වසරේ පළමු භාගයේදී 14.4%ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාණිජ ඉඩම් තක්සේරු අනුදර්ශකය 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක වාර්ෂික වර්ධන අගයක් ගෙන ඇති අතර එය 2025 වසරේ පළමු භාගය වන විට 11.5%ක් වී තිබේ.
2024 වසරේ පළමු භාගයේදී 3.7%ක් ලෙස පැවති කාර්මික ඉඩම් අනුදර්ශකය 8.4%ක් දක්වා 2025 වසරේ පළමු භාගයේදී වාර්ෂික වර්ධනයක් වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි