දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ (18) රාත්‍රියේ මියගොස් ඇති මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයාගේ වසය අවුරුදු තිහක් පමණ බව සඳහන් වෙයි.
මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, සත්ත්වයා වයස්ගතවීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් වෙයි.
අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි.
මේ අතර, වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව ඇත.
සත්වෝද්‍යාන පරිසරයක් තුළදී සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පෝෂ්‍යදායී හා සමබර ආහාර ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්ත්වයා හට වසර තිහකට ආසන්න කාලයක් වැනි දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකියාව ලැබී තිබුණි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයි
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට
රුමේෂ් තරංගට පළමු තැන අහිමි වෙයි! ජූලියන් වීබර් අංක එකට!
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
බන්ධනාගාර ප්‍රශ්න විසඳන්න ගත්ත අලුත්ම තීන්දුව
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්