Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

3 hours ago

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනය සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (19) පස්වරු 04.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (20) දිනය සඳහා සම්පූර්ණයෙන් වලංගු වේ.

ඒ අනුව, නැගෙනහිර, උතුරුමැද පළාත් සහ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව සිරුරේ විජලනය වීම් වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *