පලෙයි ප්‍රදේශයේ මහ කැලෑව එළිකර තට්ටු 03ක ගොඩනැගිල්ලක් සාදා එල්.ටී.ටී.ඊ කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටය සහ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි.
අදාළ වීඩියෝව අනුව එම ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් කන්නගිපුරම බටහිර, මුක්කම්පන් ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) එක්ව සිදුකළ විමර්ශනවලදී එහි කිසිදු පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයක්, ත්‍රස්ත හෝ අන්තවාදී සංවිධානයක සංග්‍රාමික පුහුණුවක් සිදුනොවන බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, අදාළ ස්ථානයේ නීතිවිරෝධී ලෙස කැලෑ එළිපෙහෙළි කිරීමක් සහ නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීමක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ පටය සහ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අගෝස්තු 18 වනදා බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
(source – ada derana)

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි