නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව නිර්මාණය වන නව අධ්‍යාපන පද්ධතිය තුළින්, සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යා හැකි මාර්ග සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (UGC) නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට සීමා නොකර උපාධිය ලබා දීම දක්වා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ සඳහා පත්කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාගැනීමටත්, හෙද උපාධිය ලබාදීම සඳහා වන අධ්‍යාපන මාර්ග සිතියම (Roadmap) සකස් කිරීමටත් විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ශාස්ත්‍රීය සහ වෘත්තීය අධ්‍යාපනය යනු අරමුණු අතින් වෙනස් මාර්ග දෙකක් වුවද, එම මාර්ග දෙකෙන්ම දරුවන්ට උපාධියක් ලබා ගැනීමට සහ වෘත්තියකට පිවිසීමට ක්‍රමවේද සකස් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් වන සාත්තු සේවක සහ වැඩිහිටි සුරැකුම් සේවා වැනි ක්ෂේත්‍රවල නියැලෙන්නන්ට ද උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට අවස්ථාව සැලසිය යුතු බවත්, හෙද උපාධිය ලබාදීම හරහා සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය මෙන්ම හෙද සේවාවේ ගුණාත්මකභාවය ද එකවර වර්ධනය වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි