Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්

1 day ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන, CID භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇය අගෝස්තු මස 20 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට සිය සැමියා නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතළ අවදානමක් ඇති විය හැකි බවය.

ඔහු දිගින් දිගටම රඳවා තබා ගැනීමට සහ සිරගත කිරීමේ තත්ත්වයන්ට විරෝධය පළ කරමින් උපවාසයක් ආරම්භ කිරීමෙන් පසුව, සිය ස්මිපුරුෂයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2026 ජූනි 7 වැනි දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත මාරු කර යවන ලද අතර එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයින්ගේ රැකවරණය සහ ප්‍රතිකාර යටතේ පසුවන බව ලිපියේ දැක්වේ.

හෘද ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ අඩපණ වීම සහ බරපතළ දුර්වලතාව හේතුවෙන්, තම  ස්වාමිපුරුෂයාට හෘද සැත්කමකට භාජනය වීමට සිදු වූ බවත්, එහිදී ඔහුගේ හෘදයට ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමක යන්ත්‍රයක් සවි කර ඇති බවත් තමන්ට දන්වා ඇති බවත් එම ලිපියෙන් ඇය පවසයි.

එම පසුබිම තුළ සිය සැමියා දැනට ඉතා අවදානම් සහගත තත්වයක පසුවන බවත්, ඔහුට සමීප, අඛණ්ඩ සහ විශේෂිත වෛද්‍ය නිරීක්ෂණ හා අවධානය අත්‍යවශ්‍යව පවතින බවත් ලිපියේ දැක්වේ.

සුරේෂ් සලේ මහත්මිය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මෙවැනි තත්වයක් තුළ, රඳවා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම මෙන්ම, ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඔහුව ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ භාරයට නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතල අවදානමක් ඇති විය හැකි බවය.

එබැවින් වර්තමාන රැඳවුම් නියෝගය කල් ඉකුත් වූ පසු එය නැවත දීර්ඝ නොකරන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ ඊට මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිවෙකුටත් කිසිදු අදහසක් නොමැති බවත්, නීතියට අනුකූලව සිදුකරන  ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය සහ සහාය දීමට සූදානම් බවත් මනෝරි සලේ මහත්මියගේ ලිපියේ සඳහන්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *