Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී

25 minutes ago

මඩකලපුව- කොට්ටක්කාර් ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී, යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගය අසල සිටි ළමුන් පිරිසකගේ ද ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ සිදුවූ අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරින් තවත් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රතිකාර ලබන අය අතර ගැහැණු ළමයින් 3 දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ඇතුළත් වන බව සඳහන් වෙයි.

ඊයේ රාත්‍රී 9.20ට පමණ, කෝට්ටෙයිකල්ලාරුහිදී තරුණයින් සිව්දෙනෙකු මඩකලපුව- කොට්ටක්කාර් මාර්ගය ඔස්සේ යතුරුපැදි දෙකක ගමන් කර ඇත.

කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටී අනතුරකට ලක් වී ඇත.

අනතුරට සම්බන්ධ එක් යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය හරහා ගමන් කිරීමට සිටි සිසුන් තිදෙනෙකුගේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු උපකාරක පන්ති අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී ඇත.

බරපතළ ලෙස තුවාල ලැබූ ගැහැනු ළමයෙකුගේ එක් පාදයකට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ.

අනතුරින් 18 හැවිරිදි සිසුවෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතර සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙක් අද (22) උදෑසන මිය ගොස් ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *