ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගතය රැඳී පවතින්නේ දරුවන් මත බවත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේ දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් වන බවත් ය.
ඒ අනුව රජයක් ලෙස මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,
”අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.”

ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා
22 වැනි සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්
අද අව් – වැසි තත්ත්වය
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක්