මඩකලපුව- කොට්ටක්කාර් ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී, යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගය අසල සිටි ළමුන් පිරිසකගේ ද ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.
ඊයේ (22) රාත්‍රියේ සිදුවූ අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරින් තවත් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රතිකාර ලබන අය අතර ගැහැණු ළමයින් 3 දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ඇතුළත් වන බව සඳහන් වෙයි.
ඊයේ රාත්‍රී 9.20ට පමණ, කෝට්ටෙයිකල්ලාරුහිදී තරුණයින් සිව්දෙනෙකු මඩකලපුව- කොට්ටක්කාර් මාර්ගය ඔස්සේ යතුරුපැදි දෙකක ගමන් කර ඇත.
කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටී අනතුරකට ලක් වී ඇත.
අනතුරට සම්බන්ධ එක් යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය හරහා ගමන් කිරීමට සිටි සිසුන් තිදෙනෙකුගේ ගැටී අනතුර සිදුව තිබුණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු උපකාරක පන්ති අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී ඇත.
බරපතළ ලෙස තුවාල ලැබූ ගැහැනු ළමයෙකුගේ එක් පාදයකට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරින් 18 හැවිරිදි සිසුවෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතර සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙක් අද (22) උදෑසන මිය ගොස් ඇත.

ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා
22 වැනි සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්
අද අව් – වැසි තත්ත්වය
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක්