ඊයේ සිට අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළ සිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන ඇත.
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම පුද්ගලයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව තිබේ.
මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය වී ඇත.
එහිදී සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගත් බවද පොලීසිය පැවසීය.
ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද (24) දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී මෙම මළසිරුර සොයාගෙන තිබේ.
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී