අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 24 වනදා රාත්‍රියේ සිදුකරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමකට අදාළව, එම නිලධාරීන් පිරිසට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන පරීක්ෂණවලට අනුකූලව, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබුණා.
ඒ අනුව, අදාළ සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය 25 වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති අතර, ඊට සම්බන්ධ අම්බලන්ගොඩ පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු 26 වනදා සිට ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශන කටයුතු තවදුරටත් සක්‍රීයව ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි